මුල් පිටුව
/
වැඩසටහන්

දහම් පාසල් සඳහා පුස්තකාල සංවර්ධන ව්‍යාපෘතිය

ධර්මවිජය සමාජ ස්ථාපනය කර ඇති විහාරස්ථානවල දහම් පාසල් සඳහා පුස්තකාල සංවර්ධන ව්‍යාපෘතිය. කියවීමට පොතක් දී සම්පූර්ණ මිනිසකු සමාජයට දෙමු.

 

වර්තමාන සිසු දරුවන් අතරින් බොහෝ දෙනෙකුට බාහිර පොත් කියවීමේ පුරුද්ද අත්හැරී ඇත. මෙයට හේතු ඉතා සංකීර්ණය. වර්තමාන විද්‍යුත් මාධ්‍යවල වාණිජ හැසිරීම, විවිධ දැනුම් සම්භාරයක් ලබාදීම සඳහා පාසල්වල උත්තේජනයන් නොමැතිවීම, නිවසට පුවත්පත් නොගැනීම, පාසල් පුස්තකාල කළමනාකරණයේ දුර්වලතා, දරිද්‍රතාවය නිසා දෙමව්පියන්ට පොත්පත් මිලදී ගැනීමට මුදල් වෙන් කිරීමට නොහැකිවීම, නූතන අධ්‍යාපන ක්‍රමය තුළ පාසල් ගුරු පියවරු/මව්වරු අභිබවා උපකාර පන්ති ගුරුවරයා බලවත්වීම, සටහන් පොත පිළිතුරු පත්‍රයට එපරිද්දෙන්ම ලියා විභාග සමත් ක්‍රමය ප්‍රධාන හේතු වශයෙන් දැක්විය හැකිය. රස විඳීම ඇට්ටකුණා කරන සාහිත්‍ය පාඩම ද ප්‍රධාන හේතුවක් වේ.

 

මේ තත්ත්වය නිසා අපගේ “සදාචාර අංශයේ” වැඩසටහනක් ලෙස අපට සම්බන්ධ දහම් පාසල්වල පුස්තකාල සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. මෙම දහම් පාසල් බොහොමයක් අඩුආදායම්ලාභීන් බහුල ප්‍රදේශවල පිහිටා ඇත. දැනුම ලබාදීම ප්‍රබල පුණ්‍යකර්මයකි. ඒ සඳහා තම ධන පරිත්‍යාගයෙන් උපකාර කිරීම තමනට පමණක් නොව තම පරම්පරාවටද විශිෂ්ට ඥාන සම්පත ලැබීමට හේතුවක් වේ. එනිසා මුදලින් මෙන්ම දරුවන්ට කියවීමට සුදුසු ඔබේ නිවසේ ඇති තවදුරටත් පරිහරණය කළ හැකි පාවිච්චි කළ පොත් ත්‍යාගයන් ලෙස ලබාදීමෙන් දායක විය හැකිය.

Children of 468 Dhamma schools are benefited by this project. We hope to implement programs that encourage those children to read these books. Below is the support we are looking for. One Dhamma school library needs about Rs.5,000 – Rs.10,000 for books, Rs.15,000 – Rs.18,000 for a steel cupboard to store books. You can also participate in this program. Your support can be extended either or both of these items. 

 

මෙම ව්‍යාපෘතිය මගින් දහම් පාසල් 468 ක දරුවන් ප්‍රතිලාභ ලබති. එම දරුවන් මෙම පොත් කියවීම උත්තේජනයක් ලබාදෙන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙමු. අප බලාපොරොත්තු වන ආධාර පහත දැක්වේ. එක් දහම් පාසලක පුස්තකාලයකට පොත් සඳහා රු.5,000 - රු.10,000ක්, පොත් තැබීමට වානේ අල්මාරියක් රු.15,000 - රු.18,000 ක් පමණ අවශ්‍ය වේ, ඔබටත් මෙම වැඩසටහනට සහභාගි විය හැක. මෙම අයිතම දෙකටම හෝ එකක් සඳහා ආධාර දිය හැකිය.

 

දහම් පාසල් මගින් පොත් සහ උපකරණ මිලදී ගැනීම කරයි. ඒ සඳහා අදාළ වෙළඳසැල් මගින් මිල ගණන් ලබාගෙන අප වෙත ඉදිරිපත් කළ පසු මුදල් අදාළ බැංකු ගිණුමට යවනු ලැබේ. බොහෝ දහම් පාසල් පුස්තකාල පොත් හා පහසුකම් ඉල්ලා සිටියද අවශ්‍ය අරමුදල් නොමැතිකම නිසා එම ඉල්ලීම් ඉටු කර දීමට නොහැකි වී ඇත. මෙයට අමතරව දරුවන්ගේ ආකල්ප වර්ධනය සඳහා මාසිකව පුවරු ලිපියක් එම දහම් පාසල්වලට තැපෑලෙන් යවනු ලැබේ. මාසික වියදම රුපියල් 2500.00 පමණ වේ. දරුවන්ගේ නැණ පහන් කිරීම සඳහා ඔබත් දායක වන්න.

Related Projets

මාර්තු 25 | 2026
දහම් පාසල් සිසුන් ඇගයීමේ ව්‍යාපෘතිය
දහම් පාසල් අධ්‍යාපනයේ විශිෂ්ට සිසුන් ඇගයීමේ ව්‍යාපෘතිය - මඩිහේ පඤ්ඤාසීහ මහානායක අභිපූජන සහතික පත්‍ර ප්‍රදාන උත්සවය.
සොයා බලන්න
මාර්තු 25 | 2026
“භාර අරමුදල්” පිහිටුවීම
අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසිහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ 1977 දී ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 දී අංක 62 දරන ලද පාර්ලිමේන්තු පනතකින් සංස්ථාපිත කරන ලදී. එය පිළිගත් පුණ්‍යායතනයක් මෙන්ම ප්‍රජා සංවර්ධන ආයතනයක් ලෙස සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත. ඒ අනුව පදනමට ලැබෙන මූල්‍යාධාර ආදායම් බදුවලින් නිදහස් කර ඇත.
සොයා බලන්න
මාර්තු 25 | 2026
“ළදරු ගුරු සෙවණ”පෙර පාසල් ව්‍යාපෘතිය
සොයා බලන්න
මාර්තු 25 | 2026
නායකත්ව පුහුණු වැඩ වැඩසටහන
සොයා බලන්න
මාර්තු 25 | 2026
ස්වභාවික විපතකදී ආහාර මළු බෙදාහැරීමේ වැඩසටහන.
සොයා බලන්න
මාර්තු 25 | 2026
ඇස් කණ්ණාඩි ලබා දීමේ ව්‍යාපෘතිය
සොයා බලන්න
මාර්තු 25 | 2026
නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතිය
සොයා බලන්න
මාර්තු 25 | 2026
සියදිවි හානිකර ගැනීම වැළැක්වීමේ “සැනසිලි සුවය”උපදේශන වැඩසටහන
සොයා බලන්න
මාර්තු 23 | 2026
වකුගඩු රෝග වැළැක්වීම සඳහා පානීය ජලය සහිත ටැංකි ස්ථාපනය කිරීම
වකුගඩු රෝගී තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීම සඳහා ධර්මවිජය පදනම විසින් සිදු කරන අනිකුත් වැඩ සටහන වන්නේ පවුල් දෙකක් සඳහා සති දෙකක් පාවිච්චිය පිණිස ලීටර් 20,000 ජල ටැංකිය බැගින් ස්ථාපනය කර, බවුසර් මගින් පිරිසිදු ජලය ගෙනැවිත් සති දෙකකට වරක් ජල ටැංකි පුරවා වකුගඩු රෝගයෙන් මුදවා ගැනීමයි.
සොයා බලන්න
මාර්තු 23 | 2026
පානීය ජලය සැපයීමට ජල පිරිපහදු ඒකක පිහිටුවීම.
ශ්‍රී ලංකාවේ විශේෂයෙන් වයඹ, උතුරු, උතුරු මැද, පොළොන්නරුව, නැගෙනහිර පළාත් සිසාරා වාර්තා වන වකුගඩු රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වේ.
සොයා බලන්න
මාර්තු 23 | 2026
වෘත්තීය අධ්‍යාපනය ලබාදී රැකියා ගැන්වීම
ඉහළ අධ්‍යාපනය සඳහා යොමු නොවන තරුණ තරුණියන් සඳහා තාක්ෂණ හා වෘත්තීය දැනුම ලබාදී, එමඟින් රැකියා ගැන්වීම මෙම වැඩ සටහනේ අරමුණයි. පිළිගත් වෘත්තීය දැනුමක් ලැබූ සහතිකලත් පුහුණු ශ‍්‍රමයට දේශීය/විදේශීය ඉල්ලූමක් ඇති හෙයින්, මෙම වැඩසටහනින් ලබන ආන්තික ඵලය ඉතා ඉහළය.
සොයා බලන්න
මාර්තු 23 | 2026
ආර්ථිකව බලගැන්වීම සඳහා පැල ලබාදීම.
වෙළඳපොලේ වැඩි මිලක් ලබාගත හැකි බෝග වගා කිරීම සඳහා තෝරාගත් ගම්වල කෘෂි ජනතාව උනන්දු කිරීමත්, ඔවුන්ට තාක්ෂණික තොරතුරු ලබාදී පුහුණුවක් සපයා, සමීප අධීක්ෂණයක් යටතේ වගාවට මෙහෙයවීමත් මෙම ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ.
සොයා බලන්න
මාර්තු 23 | 2026
දහම් පාසල් සදහා ජල පහසුව ලබාදීමේ වැඩසටහන.
විශේෂයෙන් ග‍්‍රාමීය ප‍්‍රදේශවල විහාරස්ථානවල පොදු ජල ප‍්‍රවාහන පහසුකම් නොමැත. ළිං ජලය පාවිච්චි කරන විහාරස්ථාන සමහර විට දක්නට ලැබේ. එහෙත් ඉරිදා දහම් පාසලට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා බීමට ජලය මෙන්ම ජල මුද්‍රිත වැසිකිලි පහසුකම් ලබාදීමට විධිමත් ජල සැපයුමක් අවශ්‍ය වේ.
සොයා බලන්න
මාර්තු 23 | 2026
දහම් පාසල් සඳහා සනීපාරක්ෂක වැසිකිලි පද්ධති ඉදිකිරීම
විහාරස්ථාන 468 ක අවම වශයෙන් දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20,000 වඩා අධ්‍යාපනය ලබන හෙයින් ඔවුන් හා ගුරු මණ්ඩලයේ අවශ්‍යතා සදහා බීමට ජලය හා සනීපාරක්ෂක වැසිකිළි පද්ධති ඉදිකර දිය යුතුව ඇත.
සොයා බලන්න
මාර්තු 23 | 2026
දහම් පාසල් සඳහා ප‍්‍රථමාධාර පෙටිට් ලබාදීම
ධර්මවිජය පදනම විසින් අනුමත කරන ලද දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පිහිටි ධර්මවිජය සමාජ 468 විහාරස්ථාන මුල්කර, විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ සභාපතිත්වයෙන් පවත්වාගෙන යනු ලබයි. එම සෑම විහාරස්ථානයකම දහම් පාසල් පවත්වාගෙන යනු ලැබේ.
සොයා බලන්න
ජූලි 19 | 2026
ශිෂ්‍යත්ව ආධාර ලබාදීමේ වැඩසටහන.
ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය, විශේෂයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා ද්විතීය අධ්‍යාපනය ලබන ආර්ථික අඟහිගතාවයෙන් පෙළෙන දරුවන්ට ඔවුන්ගේ පවුල් පසුබිම, ආදායම් තත්ත්වය, පවුල් බර, ශිෂ්‍යයාගේ දක්ෂතාවය වැනි කරුණු දැඩි පරීක්ෂාවකට පත්කර තෝරාගැනීම සිදු කරයි.
සොයා බලන්න
මාර්තු 10 | 2026
ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන
අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ 1977 වර්ෂයේ දී ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 අංක 62 දරණ පාර්ලිමේන්තු පනත මගින් සංස්ථාපිත කරන ලදී. එය පිළිගත් පුණ්‍යායතනයක් ලෙස සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.
සොයා බලන්න
මාර්තු 10 | 2026
වගා ළිං ඉදිකිරීමේ ව්‍යාපෘතිය.
ශ‍්‍රී ලංකාවේ උතුර, උතුරු මැද හා නැගෙනහිර පළාත්වල මාස 09 ක් පමණ පවතින වියළි කාලගුණය නිසා, 85% ක් පමණ වූ ගොවි ජනතාව වගා කටයුතු සඳහා ප‍්‍රමාණවත් ජලය නොලැබීමෙන්, උග‍්‍ර ජල ගැටලූවකට මුහුණපායි. මහ කන්නයට පෙර විශේෂයෙන් කෙරෙන ගොඩ ගොවිතැන හා ගොඩ ඉඩම්වල ස්ථිර වගාව විනාශ වීමෙන් පූර්ණකාලීනව කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන්ගේ ආර්ථිකය හා ජනජීවිතය බිඳ වැටේ.
සොයා බලන්න
මාර්තු 10 | 2026
කොළකැඳ පාවිච්චිය ප‍්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය
සියයට අසූවක් පමණ වන ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් දළ වශයෙන් 60% පමණ අවශ්‍ය පෝෂණ මට්ටමින් පහළ සහ දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත්වන ජන කොටසක් බව ප‍්‍රසිද්ධ සංඛ්‍යාලේඛන වලින් තහවුරු වේ.
සොයා බලන්න
මාර්තු 10 | 2026
දහම් පාසල් සංවර්ධන වැඩසටහන
සාරධර්ම පිරි සමාජයක් බිහි කිරීමට නම් ළමාවියේ සිට දහම් අධ්‍යාපනය ආරම්භ කළ යුතු හෙයින් දහම් පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබේ “ධර්මවිජය සමාජ” වැඩසටහන මේ වනවිට විවිධ හේතු නිසා අකර්මන්‍ය වී ඇති හෙයින් ද ධර්මවිජය සමාජ පිහිටුවා ඇති විහාරස්ථාන 468 හි ඇති දහම් පාසල් මුල්කරගෙන දහම් පාසල් ගුරුවරුන් හා දහම් පාසල් දරුවන් හා විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම වැඩ සටහන සිදු කිරීමට යෝජිතය.
සොයා බලන්න
/