කොළඹ කේන්ද්‍ර කරගත් මුලස්ථාන කාර්යාලයකින් සමන්විත ධර්මවිජය පදනම, මේ වන විට දිස්ත්‍රික්ක 21ක් පුරා විහිදී ඇති ධර්මවිජය සමාජ ජාලය හරහා මුළු දිවයිනම ආවරණය වන පරිදි සිය සේවාවන් ක්‍රියාත්මක කරනු ලබයි. පදනමේ ක්‍රියාකාරකම් පිළිබඳව විමසීම් කිරීමට, සහයෝගය දැක්වීමට හෝ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා අප හා සම්බන්ධ වන ලෙස ඔබට ගෞරවයෙන් ඇරයුම් කර සිටිමු.
ධර්මවිජය පදනම (ධ.වි.ප) යනු 1977 වසරේ දී පිහිටුවා, 1979 අංක 62 දරන පාර්ලිමේන්තු පනතින් නිල වශයෙන් සංස්ථාපනය කරන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි. අපවත්වී වදාළ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආරම්භ කරන ලද මෙම පදනම, ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය සහ සදාචාරාත්මක සංවර්ධනය යන ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව පුරා වෙසෙන ප්‍රජාවන්ගේ පරිපූර්ණ වර්ධනය උදෙසා අඛණ්ඩව කැපවී ක්‍රියා කරයි.