මුල් පිටුව
/
වැඩසටහන්

නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතිය

ධර්මවිජය පදනමේ සමාජ සත්කාරක වැඩ සටහන් අතරින් ආර්ථික වශයෙන් දුර්වල නිවසක් ගොඩනඟා ගැනීමේ ශක්තියක් නැති පවුල්වලට නිවාස ආධාර ලබා දීම සිදු කරනු ලබයි. 

 

පසුගිය අවධියේ නිවාස සංවර්ධන වැඩසටහන කිහිප ආකාරයකින් සිදු කෙරිණි. 2004 සුනාමි ව්‍යසනය හේතුවෙන් නිවාස විශාල ප්‍රමාණයක් විනාශ වූ විට ධර්මවිජය පදනම මුල් වී නිවාස 100 කට වඩා වැඩි ප්‍රමාණයක් පිළිසකර කිරීම හෝ නව නිවාස තැනීම සිදු කරන ලදී. එපමණක් නොව එම නිවැසියන්ට ගෘහ භාණ්ඩ ලබාදීම, ආර්ථිකමය වශයෙන් බලගැන්වීම සදහා කෘෂි උපකරණ, ජල පොම්ප, බයිසිකල්, වඩු උපකරණ ආදිය ලබාදීමද දරුවන්ට පාසල් පොත්පත්, ඇඳුම්, නිල ඇඳුම්, පොත් බෑග් ලබාදීම හා ශිෂ්‍යත්ව ආධාර මුදලක් ගෙවීමද සිදු කෙරිණි. ධර්මවිජය පදනම හා බැඳී ඉතා විශ්වාසයෙන් යුතුව සමාජ සත්කාරක සේවාවන්වල යෙදෙන අපගේ විදේශීය ත්‍යාගලාභීන්ගේ නොමසුරු ආධාර ක්ෂණිකව අප වෙත ප්‍රදානය කිරීම නිසා, අතිසාර්ථක නිවාස වැඩසටහනක් හා ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමේ වැඩ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හැකි විය.

 

මීට අමතරව, දේශීයව වරින්වර ඇතිවන විශාල ගංවතුර තර්ජන, ගෙවල් සහිත ප්‍රදේශ නායයෑම් හේතුවෙන් වර්ෂයකට අන්ත අසරණ තත්ත්වයට පත්වන පවුල් සංඛ්‍යාව අතිමහත්ය. ඒ අයට ක්ෂණික ආධාර වශයෙන් වියළි ආහාර, ඇඳුම් පැළඳුම්, පොත්පත් දීමට අමතරව නිවාස සාදා ගැනීම සදහා ද ආධාර කරන ලදී.   

 

“ග්‍රාමීය සංවර්ධන වැඩසටහන” යටතේ ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය හා සදාචාර යන අංශ හතර යටතේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර, තෝරා ගත් ගමිවල අඩුආදායම්ලාභීන් සදහා නිවාස අලුත්වැඩියා කර ගැනීම හෝ නව නිවසක් තනා ගැනීමට මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර සැපයීම සිදු කරනු ලබයි. එම නිවාස වැඩසටහන, ගමේ ජනතාව සෑම අංශයකින්ම සවිබල ගැන්වීමේ කාර්යයේදී වැදගත් කාර්යයක් වන්නේ, ආරක්ෂිත අවම සෞඛ්‍ය පහසුකම් සහිත නිවසක් ගොඩ නගාදීමට කටයුතු කිරීමයි. මේ වනවිට ගම් කිහිපයකට මෙම වැඩසටහන ක්‍රියාත්මක වී තිබේ. මෙහිදී නිවසට අමතරව සෞඛ්‍ය ආරක්ෂක වැසිකිලියක් ලබා දීමට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.

 

ඊළඟ නිවාස සංවර්ධන වැඩසටහන වනුයේ විශේෂිත හේතු මත තෝරාගත් අසරණ පවුලක් සදහා නිවාස ඉදිකර දීමයි. අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමිපාණන් වහන්සේ අපවත් වී වර්ෂ 18ක් ගත වීම නිමිත්තෙන්, තබ්බෝව පැනසිහගම ග්‍රාම සංවර්ධන වැඩසටහන යටතේ තෝරාගත් පවුලක් සදහා නිවසක් තනාදීම ඉතා මෑතදී සිදු කරන ලද එවැනි එක් විශේෂ කටයුත්තකි. එම නිවසේ දරුවකු සසුන්ගත වී, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයෙහි පිරිවෙනෙහි අධ්‍යාපනය ලබමින් සිටීම ද විශේෂ කරුණකි.

දේශීය හා විදේශීය දානපතීන්, අසරණ පවුලක් සදහා නිවසක් ඉදිකර දීමට කැමැත්තෙන් පසු වුවත්, එම ප්‍රාර්ථනය විශ්වාසදායී පාර්ශවයක් ලවා ඉටුකර ගැනීමට නොහැකිව සිටිති. එවැනි බොහෝ දෙනෙක් ධර්මවිජය පදනමේ සහාය අපේක්ෂා කරන අවස්ථා තිබේ. එවැනි දානපතීන්ගේ අවශ්‍යතාව අප වෙත දන්වා, ධර්මවිජය පදනම වෙත මුදල් එවු විට, ධර්මවිජය පදනම සියලුම තාක්ෂණ සහායදීමත්, අධීක්ෂණය කිරීමත් සිදුකර, එම පිංවත් දානපතීන්ගේ අභිලාෂය ඉටුවන ආකාරයෙන් කාර්ය නිමකර දෙනු ලැබේ. සියලුම වියපැහැදම් පිළිබද, විගණනය කරන ලද වාර්තාවක්ද ඔවුන් වෙත සපයමු. මේ වනවිට එවැනි නිවාස ගණනාවක් ඉදිකර දී, පදනමේ සහාය ලබා දී ඇත.

 

ඔබටත් මේ කවර හෝ ආකාරයෙන් “නිවාස සංවර්ධන” වැඩසටහනට සම්බන්ධ වී, ඔබ පතනා පුණ්‍යකර්මය සිදු කර ගැනීමේ උදාර අවස්ථාව දැන් ඔබටත් උදාවී ඇත.

Related Projets

මාර්තු 25 | 2026
දහම් පාසල් සිසුන් ඇගයීමේ ව්‍යාපෘතිය
දහම් පාසල් අධ්‍යාපනයේ විශිෂ්ට සිසුන් ඇගයීමේ ව්‍යාපෘතිය - මඩිහේ පඤ්ඤාසීහ මහානායක අභිපූජන සහතික පත්‍ර ප්‍රදාන උත්සවය.
සොයා බලන්න
මාර්තු 25 | 2026
“භාර අරමුදල්” පිහිටුවීම
අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසිහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ 1977 දී ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 දී අංක 62 දරන ලද පාර්ලිමේන්තු පනතකින් සංස්ථාපිත කරන ලදී. එය පිළිගත් පුණ්‍යායතනයක් මෙන්ම ප්‍රජා සංවර්ධන ආයතනයක් ලෙස සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත. ඒ අනුව පදනමට ලැබෙන මූල්‍යාධාර ආදායම් බදුවලින් නිදහස් කර ඇත.
සොයා බලන්න
මාර්තු 25 | 2026
“ළදරු ගුරු සෙවණ”පෙර පාසල් ව්‍යාපෘතිය
සොයා බලන්න
මාර්තු 25 | 2026
නායකත්ව පුහුණු වැඩ වැඩසටහන
සොයා බලන්න
මාර්තු 25 | 2026
ස්වභාවික විපතකදී ආහාර මළු බෙදාහැරීමේ වැඩසටහන.
සොයා බලන්න
මාර්තු 25 | 2026
ඇස් කණ්ණාඩි ලබා දීමේ ව්‍යාපෘතිය
සොයා බලන්න
මාර්තු 25 | 2026
සියදිවි හානිකර ගැනීම වැළැක්වීමේ “සැනසිලි සුවය”උපදේශන වැඩසටහන
සොයා බලන්න
මාර්තු 23 | 2026
වකුගඩු රෝග වැළැක්වීම සඳහා පානීය ජලය සහිත ටැංකි ස්ථාපනය කිරීම
වකුගඩු රෝගී තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීම සඳහා ධර්මවිජය පදනම විසින් සිදු කරන අනිකුත් වැඩ සටහන වන්නේ පවුල් දෙකක් සඳහා සති දෙකක් පාවිච්චිය පිණිස ලීටර් 20,000 ජල ටැංකිය බැගින් ස්ථාපනය කර, බවුසර් මගින් පිරිසිදු ජලය ගෙනැවිත් සති දෙකකට වරක් ජල ටැංකි පුරවා වකුගඩු රෝගයෙන් මුදවා ගැනීමයි.
සොයා බලන්න
මාර්තු 23 | 2026
පානීය ජලය සැපයීමට ජල පිරිපහදු ඒකක පිහිටුවීම.
ශ්‍රී ලංකාවේ විශේෂයෙන් වයඹ, උතුරු, උතුරු මැද, පොළොන්නරුව, නැගෙනහිර පළාත් සිසාරා වාර්තා වන වකුගඩු රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වේ.
සොයා බලන්න
මාර්තු 23 | 2026
වෘත්තීය අධ්‍යාපනය ලබාදී රැකියා ගැන්වීම
ඉහළ අධ්‍යාපනය සඳහා යොමු නොවන තරුණ තරුණියන් සඳහා තාක්ෂණ හා වෘත්තීය දැනුම ලබාදී, එමඟින් රැකියා ගැන්වීම මෙම වැඩ සටහනේ අරමුණයි. පිළිගත් වෘත්තීය දැනුමක් ලැබූ සහතිකලත් පුහුණු ශ‍්‍රමයට දේශීය/විදේශීය ඉල්ලූමක් ඇති හෙයින්, මෙම වැඩසටහනින් ලබන ආන්තික ඵලය ඉතා ඉහළය.
සොයා බලන්න
මාර්තු 25 | 2026
දහම් පාසල් සඳහා පුස්තකාල සංවර්ධන ව්‍යාපෘතිය
සොයා බලන්න
මාර්තු 23 | 2026
ආර්ථිකව බලගැන්වීම සඳහා පැල ලබාදීම.
වෙළඳපොලේ වැඩි මිලක් ලබාගත හැකි බෝග වගා කිරීම සඳහා තෝරාගත් ගම්වල කෘෂි ජනතාව උනන්දු කිරීමත්, ඔවුන්ට තාක්ෂණික තොරතුරු ලබාදී පුහුණුවක් සපයා, සමීප අධීක්ෂණයක් යටතේ වගාවට මෙහෙයවීමත් මෙම ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ.
සොයා බලන්න
මාර්තු 23 | 2026
දහම් පාසල් සදහා ජල පහසුව ලබාදීමේ වැඩසටහන.
විශේෂයෙන් ග‍්‍රාමීය ප‍්‍රදේශවල විහාරස්ථානවල පොදු ජල ප‍්‍රවාහන පහසුකම් නොමැත. ළිං ජලය පාවිච්චි කරන විහාරස්ථාන සමහර විට දක්නට ලැබේ. එහෙත් ඉරිදා දහම් පාසලට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා බීමට ජලය මෙන්ම ජල මුද්‍රිත වැසිකිලි පහසුකම් ලබාදීමට විධිමත් ජල සැපයුමක් අවශ්‍ය වේ.
සොයා බලන්න
මාර්තු 23 | 2026
දහම් පාසල් සඳහා සනීපාරක්ෂක වැසිකිලි පද්ධති ඉදිකිරීම
විහාරස්ථාන 468 ක අවම වශයෙන් දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20,000 වඩා අධ්‍යාපනය ලබන හෙයින් ඔවුන් හා ගුරු මණ්ඩලයේ අවශ්‍යතා සදහා බීමට ජලය හා සනීපාරක්ෂක වැසිකිළි පද්ධති ඉදිකර දිය යුතුව ඇත.
සොයා බලන්න
මාර්තු 23 | 2026
දහම් පාසල් සඳහා ප‍්‍රථමාධාර පෙටිට් ලබාදීම
ධර්මවිජය පදනම විසින් අනුමත කරන ලද දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පිහිටි ධර්මවිජය සමාජ 468 විහාරස්ථාන මුල්කර, විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ සභාපතිත්වයෙන් පවත්වාගෙන යනු ලබයි. එම සෑම විහාරස්ථානයකම දහම් පාසල් පවත්වාගෙන යනු ලැබේ.
සොයා බලන්න
ජූලි 19 | 2026
ශිෂ්‍යත්ව ආධාර ලබාදීමේ වැඩසටහන.
ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය, විශේෂයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා ද්විතීය අධ්‍යාපනය ලබන ආර්ථික අඟහිගතාවයෙන් පෙළෙන දරුවන්ට ඔවුන්ගේ පවුල් පසුබිම, ආදායම් තත්ත්වය, පවුල් බර, ශිෂ්‍යයාගේ දක්ෂතාවය වැනි කරුණු දැඩි පරීක්ෂාවකට පත්කර තෝරාගැනීම සිදු කරයි.
සොයා බලන්න
මාර්තු 10 | 2026
ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන
අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ 1977 වර්ෂයේ දී ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 අංක 62 දරණ පාර්ලිමේන්තු පනත මගින් සංස්ථාපිත කරන ලදී. එය පිළිගත් පුණ්‍යායතනයක් ලෙස සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.
සොයා බලන්න
මාර්තු 10 | 2026
වගා ළිං ඉදිකිරීමේ ව්‍යාපෘතිය.
ශ‍්‍රී ලංකාවේ උතුර, උතුරු මැද හා නැගෙනහිර පළාත්වල මාස 09 ක් පමණ පවතින වියළි කාලගුණය නිසා, 85% ක් පමණ වූ ගොවි ජනතාව වගා කටයුතු සඳහා ප‍්‍රමාණවත් ජලය නොලැබීමෙන්, උග‍්‍ර ජල ගැටලූවකට මුහුණපායි. මහ කන්නයට පෙර විශේෂයෙන් කෙරෙන ගොඩ ගොවිතැන හා ගොඩ ඉඩම්වල ස්ථිර වගාව විනාශ වීමෙන් පූර්ණකාලීනව කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන්ගේ ආර්ථිකය හා ජනජීවිතය බිඳ වැටේ.
සොයා බලන්න
මාර්තු 10 | 2026
කොළකැඳ පාවිච්චිය ප‍්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය
සියයට අසූවක් පමණ වන ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් දළ වශයෙන් 60% පමණ අවශ්‍ය පෝෂණ මට්ටමින් පහළ සහ දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත්වන ජන කොටසක් බව ප‍්‍රසිද්ධ සංඛ්‍යාලේඛන වලින් තහවුරු වේ.
සොයා බලන්න
මාර්තු 10 | 2026
දහම් පාසල් සංවර්ධන වැඩසටහන
සාරධර්ම පිරි සමාජයක් බිහි කිරීමට නම් ළමාවියේ සිට දහම් අධ්‍යාපනය ආරම්භ කළ යුතු හෙයින් දහම් පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබේ “ධර්මවිජය සමාජ” වැඩසටහන මේ වනවිට විවිධ හේතු නිසා අකර්මන්‍ය වී ඇති හෙයින් ද ධර්මවිජය සමාජ පිහිටුවා ඇති විහාරස්ථාන 468 හි ඇති දහම් පාසල් මුල්කරගෙන දහම් පාසල් ගුරුවරුන් හා දහම් පාසල් දරුවන් හා විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම වැඩ සටහන සිදු කිරීමට යෝජිතය.
සොයා බලන්න
/