මුල් පිටුව
/
වැඩසටහන්

ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන

ධර්මවිජය පදනම

 

අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ 1977 වර්ෂයේ දී ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 අංක 62 දරණ පාර්ලිමේන්තු පනත මගින් සංස්ථාපිත කරන ලදී. එය පිළිගත් පුණ්‍යායතනයක් ලෙස සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත. මෙම පදනමට කරනු ලබන සියඵ මූල්‍යාධාර ආදායම් බද්දෙන් නිදහස් වේ. ධර්මවිජය පදනමේ පොදු පරමාර්ථ වන්නේ බෞද්ධ ප‍්‍රතිපත්ති මත ආර්ථික සාරධර්ම පදනම්ව සංවර්ධනය සඳහා යොදා ගැනීමෙන් මිනිසාගේ ආධ්‍යාත්මික හා කායික වශයෙන් වූ පූර්ණ වර්ධනයක් ඇති කොට ඒ මගින් ධර්මවිජය සමාජයක් බිහි කිරීමට කටයුතු කිරීම ය. “සමවායො එව සාධු” - සමඟිය ම යහපති යන්න අපගේ ආදර්ශ පාඨය යි.

 

 

දිළිඳු ගම් නඟාසිටුවීමේ වැඩසටහන

 

කිසිසේත්ම අන්‍යයන්ගේ උපකාරයක් නොලබා, හිස එසවිය නොහැකි ගමක් තෝරාගෙන, එම ගම පූර්ණ සංවර්ධනයක් කරා ගෙන යාම ධර්මවිජය පදනමේ “ග‍්‍රාමීය සංවර්ධන” වැඩසටහන යි. අපවත් වී වදාළ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ ස්වාමින් වහන්සේගේ “මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” යන සංකල්පය මත මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වේ.

දිළිඳු ගමක් තෝරාගෙන, පළමුවෙන් ම ගමේ සියඵ පවුල් පිළිබඳ සමීක්ෂණයක් මගින් සමාජ හා ආර්ථික තොරතුරු රැස්කර ඒ අනුව එම ගමට අනුරූපි සංවර්ධන සැලැස්මක් ගමේ ජනතාවගේ ද සහභාගිත්වයෙන් සකස් කර, ප‍්‍රමුඛතා අනුපිළිවෙලින් සංවර්ධන වැඩ සටහන ක‍්‍රියාත්මක කරන අතර, ප‍්‍රගතිය සමාලෝචනය කරනු ලැබේ. සංවර්ධන කටයුතු හැකි තරම් ගමේ ජනතාවගේ ම සහභාගිත්වයෙන් සිදු වේ. විහාරස්ථානයේ පිහිටුවන ධර්මවිජය සමාජයේ සාමාජික සාමාජිකාවන් වැඩසටහනේ ක‍්‍රියාකාරීන් වේ. විහාරාධිපති ස්වාමින් වහන්සේගේ අනුග‍්‍රාහකත්වයෙන් ධර්මවිජය සමාජයේ නිලධාරීන් මූල්‍ය පාලනය සිදු කරයි.
දිවයිනේ විහාරස්ථාන 468 ක දහම් පාසල් දරු දැරියන්, ගුරුවරුන් හා දෙමාපියන් මුල් වී විහාරාධිපති ස්වාමින් වහන්සේගේ සහභාගිත්වයෙන් ධර්මවිජය සමාජ පිහිටුවනු ලැබේ. ධර්මවිජය පදනම දහම් පාසල් වර්ධනය ඇතුළු ගමේ සියලු සංවර්ධන කටයුතු කරන්නේ ධර්මවිජය සමාජය මුල් කරගෙන ය.

 

ග‍්‍රාම සංවර්ධන වැඩසටහනකට නිදසුනක් වශයෙන් තබ්බෝව පැනසිහගම ග‍්‍රාම සංවර්ධන වැඩ සටහන දැක්විය හැකි ය. පුත්තලම අනුරාධපුර පාරේ 7 කණුව තබ්බෝව පැනසිහගම මහින්දාරාම ධර්මවිජය සමාජයේ විහාරාධිපති පූජ්‍ය වල්පොල මහින්ද ස්වාමින් වහන්සේගේ අධීක්ෂණයෙන් ගමේ පවුල් 63 ක ආර්ථිකය සවිබල ගැන්වීමත් සදාචාර බෞද්ධ සමාජයක් ලෙස ගම වර්ධනය කිරීමත් අරමුණ විය.
ක්ෂේත‍්‍ර සමීක්ෂණය අනුව නිවාස 50 ක් සංවර්ධනය කිරීම, අස්ථිර වහලක් වෙනුවට ස්ථිර වහලක් ලබාදීම, කුඩා දරුවන් හා තරුණියන් සිටින නිවාස 13 කට දොර ජනෙල් සපයා ආරක්ෂාව සැලසීම, අතු ආවරණය කළ නිවාස 17 කට ස්ථිර බිත්ති ලබාදීම, මැටි බිම තිබු නිවාස 17 කට සිමෙන්ති දමාදීම, අක්ෂි රෝගීන් තෝරා ප‍්‍රතිකාර කිරීම, වෘත්තිය පුහුණුවට සුදුසු සිසුන්ට වෘත්තිය පුහුණුව ලබාදීම, ශිෂ්‍ය ශිෂ්‍යාවන් 35 කට දහම් පාසල් ඇඳුම්, පොත්පත් හා ගුරුවරු ලබාදී දහම් පාසල ආරම්භ කිරීම, නොමිලේ ඉංග‍්‍රිසි පන්ති අරඹා දරුවන් 35 දෙනෙකුට ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලබාදීම, වැසිකිළි 16 ක් සංවර්ධනය කිරීම, රුපියල් ලක්ෂ තුනක් වැය කොට නළ ලිඳක් ඉඳිකර ජල ප‍්‍රශ්නය විසඳීම, රෝගීන් 23 ක් පරීක්ෂාවට ලක් කිරීම, ධර්ම ශාලාවක් හා සංඝාවාසයක් ඇතුඵ දෙමහල් ගොඩනැගිල්ලක් රුපියල් ලක්ෂ 37 ක් වියදම් කර විහාරස්ථානය සංවර්ධනය කිරීම වැනි කටයුතු රාශියක් සිදු කෙරිණ. ගමේ සංවර්ධනය සඳහා මුඵ වියදම රුපියල් ලක්ෂ 60 ක් පමණ විය. ගමේ තිබූ දිළිඳුකම කොතරම් ද යත් පවුල් 18 ක් තම විහාරස්ථානයේ ස්වාමින් වහන්සේට දානය දීමට පවා අපහසු බව මුලින් කියා සිටියහ. පවුල් 18 ක් ණය හා උකසට බැඳී සිටියහ. ස්ථිර ආදායම් මාර්ගයක් සැලසීම සඳහා ගමේ පවුල් අතර දොඩම් සහ දෙඵම් පැල 1000 ක් පමණ බෙදා දී, පළතුරු වගාවෙන් ස්ථිර ආදායම් ලබා ගැනීමට යොමු කරන ලදී. වෘත්තීය හැකියාව ඇති තරුණියන්ට මහන මැෂින් හා රෙදි ගැනීමට මුදල් සැපයීය. ආර්ථිකය සවිබල ගැන්වෙන අතරේ ආධ්‍යාත්මික වර්ධනය සඳහා විහාරස්ථානය මුල්කර ගනිමින් දහම් පාසල වර්ධනය කිරීම, සීල භාවනා වැඩසටහන්, ධර්ම දේශනා මගින් ධර්මයට යොමු කෙරිණ.

 

තබ්බෝව පැනසිහගම සංවර්ධනය සඳහා පසුගිය කාලය තුළ රුපියල් ලක්ෂ 76ක් පමණ වියදම් කර ඇත.

 

තණමල්විල, කොට්වෙහෙරමංකඩ, ලගින්ගල, ශ්‍රී ස්වර්ණගිරි පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ස්වර්ණගිරි ධර්මවිජය සමාජය විසින් ගමේ සමීක්ෂණයක් කර, මූලික වශයෙන් එක් එක් පවුලේ ආදායම වැඩිකර ගැනීම සඳහා අවශ්‍ය ගොවි උපකරණ හා අනිකුත් අවශ්‍යතාවන් හඳුනා ගැනිණි. ඊට වතුර පොම්ප, වී පාහින යන්ත‍්‍ර, වතුර නල, ටෙන්ට් රෙදි, කෘමිනාශක ඉසින යන්ත‍්‍ර, විදුලි පන්දම්, ගොයම් මැඞීම සඳහා කැන්වස් රෙදි, කැති, පොරෝ, උදඵ, යකඩ ඉනි, බයිසිකල්, ලන්තෑරුම්, සෙවිලි තහඩු වැනි සියඵ දේ ඇතුළත් විය. මුඵ වියදම රුපියල් ලක්ෂ දහයක් විය. ඔවුන්ගේ කෘෂි ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය සියඵ දෑ ලබාදෙන ලදී.

 

ඔබත් දෙලොව දී ම මහත් ආනිශංස ලබන මෙවැනි පුණ්‍යකර්මයකට දායක වීමට කැමතිනම්, ඒ සම්බන්ධයෙන් පහත සඳහන් පරිදි කටයුතු කළ හැකිය.

 

ඔබේ නමින් හෝ ඔබගේ හිතෛෂියකුගේ නමින් භාරකාර අරමුදල් (Trust Fund) පවත්වාගෙන යමින් ග‍්‍රාම සංවර්ධන වැඩසටහනට නිරතුරුව දායකවීම.
ග‍්‍රාම සංවර්ධන වැඩසටහන සඳහා ද්‍රව්‍ය හා මුදල් ධර්මවිජය පදනමට එවීම.
තෝරා ගත් ගමක් දියුණු කිරීම පූර්ණ වශයෙන් භාර ගැනීම හෝ කොටස් වශයෙන් දායකවීම

Related Projets

මාර්තු 25 | 2026
දහම් පාසල් සිසුන් ඇගයීමේ ව්‍යාපෘතිය
දහම් පාසල් අධ්‍යාපනයේ විශිෂ්ට සිසුන් ඇගයීමේ ව්‍යාපෘතිය - මඩිහේ පඤ්ඤාසීහ මහානායක අභිපූජන සහතික පත්‍ර ප්‍රදාන උත්සවය.
සොයා බලන්න
මාර්තු 25 | 2026
“භාර අරමුදල්” පිහිටුවීම
අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසිහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ 1977 දී ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 දී අංක 62 දරන ලද පාර්ලිමේන්තු පනතකින් සංස්ථාපිත කරන ලදී. එය පිළිගත් පුණ්‍යායතනයක් මෙන්ම ප්‍රජා සංවර්ධන ආයතනයක් ලෙස සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත. ඒ අනුව පදනමට ලැබෙන මූල්‍යාධාර ආදායම් බදුවලින් නිදහස් කර ඇත.
සොයා බලන්න
මාර්තු 25 | 2026
“ළදරු ගුරු සෙවණ”පෙර පාසල් ව්‍යාපෘතිය
සොයා බලන්න
මාර්තු 25 | 2026
නායකත්ව පුහුණු වැඩ වැඩසටහන
සොයා බලන්න
මාර්තු 25 | 2026
ස්වභාවික විපතකදී ආහාර මළු බෙදාහැරීමේ වැඩසටහන.
සොයා බලන්න
මාර්තු 25 | 2026
ඇස් කණ්ණාඩි ලබා දීමේ ව්‍යාපෘතිය
සොයා බලන්න
මාර්තු 25 | 2026
නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතිය
සොයා බලන්න
මාර්තු 25 | 2026
සියදිවි හානිකර ගැනීම වැළැක්වීමේ “සැනසිලි සුවය”උපදේශන වැඩසටහන
සොයා බලන්න
මාර්තු 23 | 2026
වකුගඩු රෝග වැළැක්වීම සඳහා පානීය ජලය සහිත ටැංකි ස්ථාපනය කිරීම
වකුගඩු රෝගී තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීම සඳහා ධර්මවිජය පදනම විසින් සිදු කරන අනිකුත් වැඩ සටහන වන්නේ පවුල් දෙකක් සඳහා සති දෙකක් පාවිච්චිය පිණිස ලීටර් 20,000 ජල ටැංකිය බැගින් ස්ථාපනය කර, බවුසර් මගින් පිරිසිදු ජලය ගෙනැවිත් සති දෙකකට වරක් ජල ටැංකි පුරවා වකුගඩු රෝගයෙන් මුදවා ගැනීමයි.
සොයා බලන්න
මාර්තු 23 | 2026
පානීය ජලය සැපයීමට ජල පිරිපහදු ඒකක පිහිටුවීම.
ශ්‍රී ලංකාවේ විශේෂයෙන් වයඹ, උතුරු, උතුරු මැද, පොළොන්නරුව, නැගෙනහිර පළාත් සිසාරා වාර්තා වන වකුගඩු රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වේ.
සොයා බලන්න
මාර්තු 23 | 2026
වෘත්තීය අධ්‍යාපනය ලබාදී රැකියා ගැන්වීම
ඉහළ අධ්‍යාපනය සඳහා යොමු නොවන තරුණ තරුණියන් සඳහා තාක්ෂණ හා වෘත්තීය දැනුම ලබාදී, එමඟින් රැකියා ගැන්වීම මෙම වැඩ සටහනේ අරමුණයි. පිළිගත් වෘත්තීය දැනුමක් ලැබූ සහතිකලත් පුහුණු ශ‍්‍රමයට දේශීය/විදේශීය ඉල්ලූමක් ඇති හෙයින්, මෙම වැඩසටහනින් ලබන ආන්තික ඵලය ඉතා ඉහළය.
සොයා බලන්න
මාර්තු 25 | 2026
දහම් පාසල් සඳහා පුස්තකාල සංවර්ධන ව්‍යාපෘතිය
සොයා බලන්න
මාර්තු 23 | 2026
ආර්ථිකව බලගැන්වීම සඳහා පැල ලබාදීම.
වෙළඳපොලේ වැඩි මිලක් ලබාගත හැකි බෝග වගා කිරීම සඳහා තෝරාගත් ගම්වල කෘෂි ජනතාව උනන්දු කිරීමත්, ඔවුන්ට තාක්ෂණික තොරතුරු ලබාදී පුහුණුවක් සපයා, සමීප අධීක්ෂණයක් යටතේ වගාවට මෙහෙයවීමත් මෙම ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ.
සොයා බලන්න
මාර්තු 23 | 2026
දහම් පාසල් සදහා ජල පහසුව ලබාදීමේ වැඩසටහන.
විශේෂයෙන් ග‍්‍රාමීය ප‍්‍රදේශවල විහාරස්ථානවල පොදු ජල ප‍්‍රවාහන පහසුකම් නොමැත. ළිං ජලය පාවිච්චි කරන විහාරස්ථාන සමහර විට දක්නට ලැබේ. එහෙත් ඉරිදා දහම් පාසලට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා බීමට ජලය මෙන්ම ජල මුද්‍රිත වැසිකිලි පහසුකම් ලබාදීමට විධිමත් ජල සැපයුමක් අවශ්‍ය වේ.
සොයා බලන්න
මාර්තු 23 | 2026
දහම් පාසල් සඳහා සනීපාරක්ෂක වැසිකිලි පද්ධති ඉදිකිරීම
විහාරස්ථාන 468 ක අවම වශයෙන් දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20,000 වඩා අධ්‍යාපනය ලබන හෙයින් ඔවුන් හා ගුරු මණ්ඩලයේ අවශ්‍යතා සදහා බීමට ජලය හා සනීපාරක්ෂක වැසිකිළි පද්ධති ඉදිකර දිය යුතුව ඇත.
සොයා බලන්න
මාර්තු 23 | 2026
දහම් පාසල් සඳහා ප‍්‍රථමාධාර පෙටිට් ලබාදීම
ධර්මවිජය පදනම විසින් අනුමත කරන ලද දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පිහිටි ධර්මවිජය සමාජ 468 විහාරස්ථාන මුල්කර, විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ සභාපතිත්වයෙන් පවත්වාගෙන යනු ලබයි. එම සෑම විහාරස්ථානයකම දහම් පාසල් පවත්වාගෙන යනු ලැබේ.
සොයා බලන්න
ජූලි 19 | 2026
ශිෂ්‍යත්ව ආධාර ලබාදීමේ වැඩසටහන.
ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය, විශේෂයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා ද්විතීය අධ්‍යාපනය ලබන ආර්ථික අඟහිගතාවයෙන් පෙළෙන දරුවන්ට ඔවුන්ගේ පවුල් පසුබිම, ආදායම් තත්ත්වය, පවුල් බර, ශිෂ්‍යයාගේ දක්ෂතාවය වැනි කරුණු දැඩි පරීක්ෂාවකට පත්කර තෝරාගැනීම සිදු කරයි.
සොයා බලන්න
මාර්තු 10 | 2026
වගා ළිං ඉදිකිරීමේ ව්‍යාපෘතිය.
ශ‍්‍රී ලංකාවේ උතුර, උතුරු මැද හා නැගෙනහිර පළාත්වල මාස 09 ක් පමණ පවතින වියළි කාලගුණය නිසා, 85% ක් පමණ වූ ගොවි ජනතාව වගා කටයුතු සඳහා ප‍්‍රමාණවත් ජලය නොලැබීමෙන්, උග‍්‍ර ජල ගැටලූවකට මුහුණපායි. මහ කන්නයට පෙර විශේෂයෙන් කෙරෙන ගොඩ ගොවිතැන හා ගොඩ ඉඩම්වල ස්ථිර වගාව විනාශ වීමෙන් පූර්ණකාලීනව කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන්ගේ ආර්ථිකය හා ජනජීවිතය බිඳ වැටේ.
සොයා බලන්න
මාර්තු 10 | 2026
කොළකැඳ පාවිච්චිය ප‍්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය
සියයට අසූවක් පමණ වන ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් දළ වශයෙන් 60% පමණ අවශ්‍ය පෝෂණ මට්ටමින් පහළ සහ දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත්වන ජන කොටසක් බව ප‍්‍රසිද්ධ සංඛ්‍යාලේඛන වලින් තහවුරු වේ.
සොයා බලන්න
මාර්තු 10 | 2026
දහම් පාසල් සංවර්ධන වැඩසටහන
සාරධර්ම පිරි සමාජයක් බිහි කිරීමට නම් ළමාවියේ සිට දහම් අධ්‍යාපනය ආරම්භ කළ යුතු හෙයින් දහම් පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබේ “ධර්මවිජය සමාජ” වැඩසටහන මේ වනවිට විවිධ හේතු නිසා අකර්මන්‍ය වී ඇති හෙයින් ද ධර්මවිජය සමාජ පිහිටුවා ඇති විහාරස්ථාන 468 හි ඇති දහම් පාසල් මුල්කරගෙන දහම් පාසල් ගුරුවරුන් හා දහම් පාසල් දරුවන් හා විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම වැඩ සටහන සිදු කිරීමට යෝජිතය.
සොයා බලන්න
/