සාරධර්ම පිරි සමාජයක් බිහි කිරීමට නම් ළමාවියේ සිට දහම් අධ්‍යාපනය ආරම්භ කළ යුතු හෙයින් දහම් පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබේ “ධර්මවිජය සමාජ” වැඩසටහන මේ වනවිට විවිධ හේතු නිසා අකර්මන්‍ය වී ඇති හෙයින් ද ධර්මවිජය සමාජ පිහිටුවා ඇති විහාරස්ථාන 468 හි ඇති දහම් පාසල් මුල්කරගෙන දහම් පාසල් ගුරුවරුන් හා දහම් පාසල් දරුවන් හා විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම වැඩ සටහන සිදු කිරීමට යෝජිතය.
මෙම දහම් පාසල් 468 හි අවම වශයෙන් විහාරාධිපති ස්වාමීන් වහන්සේ හැර දහම් පාසල් ගුරුවරු 4-5 ක් (468x4-5 = 1872 / 2340) හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100-200 ක් (468x100-200 = 46800 / 93600) සිටිති. අවම වශයෙන් සිසුන් 30,000 සිටින බව සිතමු. සාරධර්ම වර්ධනය සඳහා මේ පිරිස මූලික කරගත්තේ නම් එය පළමු පෙලේ ව්‍යාපෘතියකි.
ධර්මවිජය පදනමේ කාර්යභාරය
දහම් පාසලේ කාර්යභාරය
මෙම වැඩ සටහන ආරම්භ කර, අඛණ්ඩව සාර්ථකව පවත්වාගෙන යෑමට ධර්මවිජය පදනම වශයෙන්, විශේෂයෙන් සංවිධානය විය යුතුවේ.
ධර්මවිජය පදනමේ වෙනම අරමුදලක් යටතේ මූල්‍ය ශක්තිය වර්ධනය කරගත යුතුය. භාර මුදල්වලින් මේ සදහා ගත හැක්කේ සීමිත කොටසක් වන හෙයින් අවශේෂ මුදල බාහිරින් එක් රැස්කර ගත යුතු වේ. දළ වශයෙන් ආරම්භක වසරේදී රු. ලක්ෂ 18-20 ක වියදමක්ද, දෙවන වසරේදී රුපියල් ලක්ෂ 15 පමණ වියදමක්ද, ඊට පසු වසරවලදී රුපියල් ලක්ෂ 10 ක් බැගින්ද අවශ්‍ය වේ යැයි උපකල්පනය කළ හැකිය.
වසරකට අවම වශයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 50,000 කගේ පමණ ධර්ම ඥනය වර්ධනය කරදෙන සාරධර්ම පුහුණු කරවූ පුරවැසියන් තනන මෙවැනි ව්‍යාපෘතියක් කුමන මට්ටමකින් ඇගයිය හැකිද? දානපතීන්ගේ නොමසුරු සහාය අඛණ්ඩව ධර්මවිජය පදනමට ලැබේ නම් ධර්මවිජය පදනමට කිසිම බිය සැකයකින් තොරව මෙම වැඩසටහන දියත් කළ හැකිය.