ධර්මවිජය පදනමේ ක්රියාකාරකම් පිළිබදව දේශීයව මෙන්ම විදේශිය ජනතාව දැනුම්වත් කිරීම සදහා නව වෙබ් අඩවිය එළිදැක්වීම 2026-09-24 වන දින ධර්මවිජය පදනමේ 48 වාර්ෂික මහා සභා රැස්වීම අවස්ථාවෙදී සිදුකරන ලදී. මෙම නව වෙබ් අඩවිය අන්තර්ජාලය වෙත එක් කිරීම ධර්මවිජය පදනමේ උත්තර අනුශාසක අමරපුර ශ්රී ධර්මරක්ෂිත නිකායයේ මහානායක, බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති අතිපූජ්ය අග්ගමහාපණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ විසන් සදුකරන ලද අතර එම අවස්ථාව සදහා වෙබ් අඩවියේ නිර්මාණ කටයුතු සිදුකළ සී. ස වෙබ් ලන්කන් (පුද්ගලික) සමාගම නියොජනය කරමින් එම ආයතනයේ නිලධාරින් සම්බන්ද විය ඊට අමතරව ධර්මවිජය පදනමේ අනුශාසක ස්වාමීන් වහන්සේලා වන ත්රිපිටකාචාර්ය ශාස්ත්රපති රාජකීයපණ්ඩිත පූජ්ය හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ සහ ශාස්ත්රපති පූජ්ය සිරි වජිරාරාමයේ ඤාණසීහ ස්වාමීන් වහන්සේ ඇතුළු ධර්මවිජය පදනමේ භාරකාර සභික සභිකාවන් සහ ආශ්රිත සාමාජිකයින්ගේ ද සහභාගීත්වයෙන් නව වෙබ් අඩවිය එළිදැක්වීම සිදු කරන ලදී. වෙබ් අඩවිය එළිදැක්වීම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කීපයක් පහතින් දැක්වේ.