දිට්වා සුළිකුනාටුවෙන් අසරණ වූ ජනතාවට සහනාධාර ලබාදීම උදෙසා ක්‍රියාත්මක කළ ධර්මවිජය පදනමේ සහන සේවා ව්‍යාපෘතියට ඔස්ට්‍රේලියාවේ පදිංචි “නාලන්දීය ආදි සිසුන්ගේ එකමුතුවෙන්” ලබා දුන් රෙදිපිළි, ලිපිද්‍රව්‍ය සහ ආහාර ද්‍රව්‍ය රාජගිරිය නාවල ප්‍රදේශයේ පවත්වාගෙන යන ගුණසේකර ළමා සංවර්ධන මධ්‍යස්ථානය සදහා බාරදීමට පියවර ගැනිණි. එම පරිත්‍යාග භාරදීමේ අවස්ථාව සඳහා ගරු උප සභාපති සහ මාධ්‍ය ලේකම් සරත් අමරකෝන් මහතා සහභාගි විය. එම අවස්ථාවේ ඡායාරූප කීපයක් පහත දැක්වේ.