ධර්මවිජය පදනම විසින් පිරිනමන අධ්‍යාපන ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලැබූ දරුදැරියන් 46 ක් සඳහා නව ශිෂ්‍යාධාර පිරිනැමීම සඳහා උත්සවයක් 2026 ජුලි 11 දින ධර්මවිජය පදනමේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. මෙම උත්සවයට විශේෂ ආරාධිත ස්වාමීන් වහන්සේ වශයෙන් ධර්මවිජය පදනම උත්තර අනුශාසක අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායයේ මහානායක අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ වැඩම කල අතර ධර්මවිජය පදනමේ අනුශාසක ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති රාජකීයපණ්ඩිත පූජ්‍ය හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ සහ ශාස්ත්‍රපති පූජ්‍ය සිරි වජිරාරාමයේ ඤාණසීහ ස්වාමීන් වහන්සේ ද ආරාධිත ස්වාමීන්සේලා වහන්සේ වශයෙන් මෙදින වැඩම කළහ. උත්සවයේ විශේෂිත ආරාධිත දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා විසින් සිදු කරන ලද අතර, ධර්මවිජය පදනමේ සභාපති ඉසුරු තිලකවර්ධන මහතා, ලේකම් වෛද්‍ය යසා සිරිවර්ධන මහත්මිය සහ අධ්‍යාපන කමිටුව නියෝජනය කරමින් චන්ද්‍රිකා චිත්‍රාංගනී මෙනෙවිය විසින් ශිෂ්‍යත්ව ප්‍රධාන උත්සවයට අදාළ දේශන සිදු කරන ලදී. උත්සවයේ කටයුතු මෙහෙයවීම එච්. බී. ප්‍රේමරත්න මහතා විසින් සිදු කෙරින. වාර්ෂිකව සිදු කෙරෙන මෙම ශිෂ්‍යත්ව ප්‍රධානය සඳහා විශ්ව විද්‍යාල, වෘතීය අධ්‍යාපනය හදාරන සිසුන් ඇතුළු අපොස උසස් පෙළ සහ වසර 6 සිට සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබන සිසුන් මෙම ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලබයි. මේ යටතේ ධර්මවිජය පදනම මගින් ශිෂ්‍යත්වලාභී දරුවන් හට අධ්‍යාපනය අවසන් වන තුරු ත්‍රෛමාසිකව මුල්‍ය ආධාර ලබා දෙනු ඇත. එම අරමුදල් ලබා දෙමින් තම දායකත්වය ලබා දෙන සියලුම දානපතින් වෙත පුන්යානුමොදනා කරමින් විශේෂ ස්තුතියක් පුද කෙරින. ධර්මවිජය පදනමේ භාරකාර මණ්ඩල සභික සභිකාවන්, ධර්මවිජය පදනමේ කාර්ය මණ්ඩලය ශිෂ්‍යාධාරලාභී දරුදැරියන් ඇතුළු දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් 2026 වසරට නියමිත අධ්‍යාපන ශිෂ්‍යාධාර උත්සවය සාර්ථකව අවසන් විය. එම උත්සවයේ සහ ශිෂ්‍යාධාර ප්‍රධානයේ අවස්ථා කිහිපයක් පහත දැක්වේ.