ධර්මවිජය පදනමේ 48. වාර්ෂික මහා සභා රැස්වීම 2026 වසරේ සැප්තැම්බර් මස 24 වන බ්රහස්පතින්දා දින පස්වරු 3.00 ට ධර්මවිජය පදනමේ අතිපූජ්ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්ර ශ්රවණාගාරයේ දී පවත්වන ලදි. මෙම රැස්වීමට විශේෂ ආරාධිත ස්වාමීන් වහන්සේ වශයෙන් ධර්මවිජය පදනමේ උත්තර අනුශාසක අමරපුර ශ්රී ධර්මරක්ෂිත නිකායයේ මහානායක, බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති අතිපූජ්ය අග්ගමහාපණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ වැඩම කළහ. ඊට අමතරව ධර්මවිජය පදනමේ අනුශාසක ස්වාමීන් වහන්සේලා වන ත්රිපිටකාචාර්ය ශාස්ත්රපති රාජකීයපණ්ඩිත පූජ්ය හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ සහ ශාස්ත්රපති පූජ්ය සිරි වජිරාරාමයේ ඤාණසීහ ස්වාමීන් වහන්සේ වැඩම කළහ. ධර්මවිජය පදනමේ භාරකාර සභික සභිකාවන් සහ ආශ්රිත සාමාජිකයින්ගේ ද සහභාගීත්වයෙන් මෙදින වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව පැවැත්විණි.. .
එහිදී ඉදිරි වර්ෂයට පහත සඳහන් තනතුරු සදහා භාරකාර සභික සභිකාවන් පත්කර ගැනීමද සිදුවිය.