සිංගප්පූරුවේ ස්වේච්ඡා සංවිධානයක් වන Firefly missions සංවිධානය සමග සාකච්ඡාවක් ගරු උප සභාපති වෛද්ය නලින් ගුණසිංහ මහතාගේ සම්බන්ධීකරණයෙන් 2026 අගෝස්තු මස 29 වන දින ධර්මවිජය පදනමේදී පැවැත්වුනු අතර එහිදී ධර්මවිජය පදනමේ කාර්යභාරය පැහැදිලිි කර ධර්මවිජය සමාජමූලික ගම්මාන තුළ ජල අවශ්යතා, පෙර පාසල් හා දහම් පාසල් සංවර්ධනය අවශ්යතා සහ සෞඛ්ය සංවර්ධන අවශ්යතා පිළිබඳ ව ඔවුන් සමඟ සාකච්ඡා කරනු ලැබුණි. එමෙන්ම මෙම සංවිධානය විසින් ග්රාමීය ජනතාවගේ සෞඛ්ය සංවර්ධන වෙනුවෙන් කුරුණෑගල සහ පුත්තලම ප්රදේශවල ධර්මවිජය සමාජ දෙකක් වෙනුවෙන් ඉදිකිරීමට කටයුතු කරන පානීය ජල ව්යාපෘති පිළිබඳවද සාකච්ඡා කෙරුණි. එම අවස්ථාවේදී ඔවුන් විසින් ධර්මවිජය පදනම වෙත මූල්ය පරිත්යාගයක් ද සිදු කරන අතර ඉදිරියේදී ධර්මවිජය පදනම සමග සමීපව කටයුතු කිරීමටද එකඟතාවය ද පළ කරන ලදී. එම සාකච්ඡාව සඳහා Firefly missions සංවිධානයේ සාමාජික මහත්ම මහත්මීන් සහ ධර්මවිජය පදනමේ භාරකාර සභික මහත්ම මහත්මීන් සහභාගි වුණු අතර එහිදී ලබාගත් ඡායාරූප කීපයක් පහතින් දැක්වේ.