දහම් පාසල් සිසුන් ඇගයීමේ ව්‍යාපෘතිය.

දහම් පාසල් අධ්‍යාපනයේ විශිෂ්ට සිසුන් ඇගයීමේ ව්‍යාපෘතිය – මඩිහේ පඤ්ඤාසීහ මහානායක අභිපූජන සහතික පත්‍ර ප්‍රදාන උත්සවය.

2007 වසරේ සිට සෑම වසරකම ධර්මවිජය පදනමේ නිර්මාතෘ අමරපුර නිකායයේ මහානායක අතිපූජ්‍ය අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේ අනුස්මරණය කිරීම සඳහා සිදු කරන ප්‍රධාන වැඩසටහනක් වන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන දහම් පාසල් විභාග 2 න් දිස්ත්‍රික්ක මට්ටමේ සහ ජාතික මට්ටමේ විශිෂ්ටයන් ඇගයීමය. මෙම වැඩසටහනේ ඇගයීම්ලාභීන් වන්නේ විභාග දෙපාර්තමේන්තුව මගින් නිල ප්‍රතිඵල අනුව නිර්දේශීත සිසුන් ය.

මෙම වැඩසටහන ධර්මවිජය පදනමට යෝජනා කරනු ලැබුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ බෞද්ධ උපදේශක මණ්ඩලය විසිනි. මෙම විශිෂ්ට සිසුන්ට විභාග කොමසාරිස් ජනරාල්තුමාගේ හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමාගේ අත්සන ඇතිව දේශීය විදේශීය ඕනෑම ආයතනයක් පිළිගන්නා සහතිකයක්ද ප්‍රදානය කෙරේ. මෙවැනි සිසුන් ජාතික මට්ටමෙන් ඇගයීමට ලක්කෙරෙන එකම අවස්ථාව මෙයයි.

ඇගයීමට ලක් කරන ලද විශිෂ්ටයෝ.

01. බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ ලංකාවේ ප්‍රථම ස්ථානය 01
02. දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ ලංකාවේ ප්‍රථම ස්ථානය 01
03. බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ දිස්ත්‍රික්ක 19 යේ ප්‍රථම ස්ථාන 19
04. දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ දිස්ත්‍රික්ක 19 යේ  ප්‍රථම ස්ථාන 19
05. යම් වර්ෂයක අ.පො.ස (සා/පෙළ) විභාගයෙන් දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණුලාභී සිසුන් 200 දෙනා අතර සිටින එම වර්ෂයේම දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයෙන් වැඩිම ලකුණු ලැබූ තිදෙනා බැගින් (19 x 3) 57

මෙම වැඩසටහන සඳහා ඔබට ද දායක විය හැකිය. ඔබගේ ඥාතීන් හා හිතවතුන් සමග කණ්ඩායමක් ලෙසද දායක විය හැකිය.  එක් ත්‍යාගයක් සඳහා සම්පූර්ණ මුදල හෝ කොටසක් පරිත්‍යාග කළ හැක.

සිසුන්ට පිරිනමන මුදල් හා ද්‍රව්‍යමය ත්‍යාග, උදෑසන හා දහවල් ආහාර, එක් සිසුවකු සඳහා දෙදෙනකුගේ ගමන් වියදම් ගෙවීම් ආදිය සඳහා 2021 මිල ගනන් අනුව මුළු වියදම රුපියල් ලක්ෂ 6ක් පමණ වේ.

ත්‍යාග සඳහා සම්පූර්ණ මුදල පරිත්‍යාග කරන්නේ නම් ඔබේ නමින් එම ත්‍යාගය ප්‍රකාශයට පත් කරමු.  ඒ සඳහා ත්‍යාගය නම් කළයුතු ආකාරය ද ලියා එවන්න.

දහම් පාසල් අධ්‍යාපනය ලැබූ එහි වටිනාකම දන්නා අයට ද ආරාධනා කරමු.

මුදල් ප්‍රදානයන් සෑම වර්ෂයකම මැයි 30 වෙනි දිනට පෙර ධර්මවිජය පදනම නමින් චෙක්පතකින් එවිය හැකිය.  අපගේ බැංකු ගිණුම මගින් මුදල් එවන්නේ නම් මුදල් තැන්පත් කළ ලදුපතේ ඡායාපිටපතක් අපගේ විද්‍යුත් ලිපිනයට dharmavijaya.lk@gmail.com  එවීමට කාරුණිකවන්න.

දහම් දැනුම ලත්, විශිෂ්ටයින්, ජාතික මට්ටමින් ඇගයීමේ මෙම වැඩසටහන්ට දායක වීමට ඔබට ආරාධනා කරමු.