අනුශාසක රාජකීය පණ්ඩිත ශාස්ත‍්‍රපති ත‍්‍රිපිටකාචාර්යය හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ.

Dharmavijaya-Patron-Hakmana-Sumanasiri-Theroධර්මවිජය පදනමේ නිර්මාතෘවරයාණන් වූ සහ අනුශාසක ධූරය හෙබවූ අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත නිකායයේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේගේ සහ මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ අතිපූජ්‍ය අම්පිටියේ ශ‍්‍රී රාහුල නායක ස්වාමීන් වහන්සේගේ ජේෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වූ රාජකීය පණ්ඩිත ශාස්ත‍්‍රපති ත‍්‍රිපිටකාචාර්යය සද්ධර්මකීර්ති ශ‍්‍රී විද්‍යා තිලක ත‍්‍රිපිටක ශාස්ත‍්‍ර විශාරද ශ‍්‍රී ධර්මරක්ෂිතවංශාලංකාර පූජ්‍යපාද හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ 2004 වසරේ සිට අපගේ ප‍්‍රධාන අනුශාසක ධූරය දරන සේක.

මහානායක ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කරන ලද සත්කාරයන් උන්වහන්සේ අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ විහාරාධිකාරී ධූරය ද, 7000 කට අධික සිසු සිසුවියන් ප‍්‍රමාණයක් දහම් අධ්‍යාපනය ලබන සිරි වජිරඤාණ ධර්මායතන දහම් පාසලේ 1997 වසරේ සිට ප‍්‍රධානාචාර්යය ධූරය ද දරමින් එම ආයතන වල සිදු කරන විවධ ව්‍යාපෘතීන් කළමණාකරණය කරමින් අතිශය කාර්යය බහුල ජීවිතයක් ගත කළ ද, දීර්ඝ කාලයක් තිස්සේ අධිශීලය රැකීමෙන් ලද කාය, වාග් සංවර පැවතුම ද මනසේ ඇති, තැන්පත් බව පෙන්වන අකම්පික. කාරුණික රුව ද, සෑම බ‍්‍රහස්පතින්දා සවසකම අප භාරකාර මණ්ඩලයේ මුලසුන දරා සිටීම අතිශය ප‍්‍ර‍්‍රියජනක දසුනකි. රැස්වීම ආරම්භ වන්නේ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරනු ලබන බුද්ධ වචනයෙන් අප සිත් සනහාලමින් ය.

උන්වහන්සේ මෙම සියලූ කාර්යයන් මැද විවිධ ප‍්‍රදේශ වල පිහිටි සිරි වජිරඤාණ ධර්මායතනයේ ශාඛා විහාරස්ථාන සමඟ නිසි සම්බන්ධතාව පැවැත්වීමට ආසියාවේ මෙන්ම යුරෝපයේ ද ඇමරිකාව හා ඕස්ට්‍රේරලියාව වැනි රට වල ධර්මදුත සේවයේ යෙදීමට ද, ධර්ම පුස්තක මෙන්ම කාලීන මාතෘකා යටතේ පොත් රචනා කිරීමට ද, ධර්මවිජය පදනමේ ක්ෂේත‍්‍ර කටයුතු වලට සම්බන්ධ වීමට කාලය වෙන් කර ගනිමින් ද, මුළු දිනයම ලෝක ශාසන සේවයට කැප කරමින් බුදු සිරිතට අනුගතව වැඩ සිටිති.