
ධර්මවිජය පදනම ගැන.
අමරපුර නිකායෙහි මහා නායකව වැඩ විසූ අග්ගමහා පණ්ඩිත විද්‍යා විශාරද මහා මහෝපාධ්‍යාය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්ථවිරපාදයාණෝ ධර්මවිජය පදනමේ නිර්මාතෘවරයාණෝ වූහ. කෙටියෙන් කියතොත් ධර්මවිජය පදනම වෙනසක් සහිත සංවිධානයකි. එය හුදෙක් නමට පමණක් සීමා වූ බෞද්ධ සංවිධානයක් නොවන අතර හුදු සමාජ සංවිධානයක් ද නොවේ.
” මිනිහා නොහදා රට හදන්න බැහැ මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” යන උදාර සංකල්පයෙන් අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමියන් 1977 නොවැම්බර් 15 දින ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 අංක 62 දරණ පාර්ලිමේන්තු පනතින් සංස්ථාගත කරන ලදී. ”සමවායො එව සාධු”- සමගිය ම යහපති යන්න අප පදනමේ තේමා පාඨය යි.
පුර්වෝක්ත අරමුණින් ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, සදාචාර යන සතරාකාර දියුණුව ඇති කර පන්සිල් හා සහජීවනය අගයන පූර්ණ සංවර්ධිත සමාජයක් බිහි කිරීමේ මෙහෙවර ප‍්‍රකාශය ගරු කරමින්, අප පදනම පසුගිය වසර 40 තුළ දීප ව්‍යාප්ත ස්වේච්ජාවෙන්, විශ්වාසනීයත්වය හා විනිවිදභාවය සුරැකෙන පරිදි ශ‍්‍රි ලාංකික සමාජයට සේවය කර ඇත.
දැක්ම
ධර්මවිජය පදනමේ දැක්ම වනුයේ, නිවැරදි ඇගයීම් සහිත පන්සිල් සුරකින දැහැමි ශ‍්‍රී ලංකා සමාජයකි. සදාචාරාත්මක, යුක්තිගරුක, අවංක සමාජයකි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ‍්‍රහ්ම විහරණයෙන් සමන්විත සමාජයකි.
මෙහෙවර
ධර්මවිජය පදනමේ මෙහෙවර වනුයේ, එහි දර්ශනය සාක්ෂාත් කර ගැන්මට ධර්මවිජය සමාජ මගින් ජනතාවට උදව් කිරීම හා ජනතාව දිරි ගැන්වීම ය.
අරමුණ
ධර්මවිජය පදනමේ අරමුණ වනුයේ, යුක්ති ගරුක සමාජයක් ඇති කිරිම යි. අවට ඇති පුදබිම් සමග යළිත් සම්බන්ධ වෙමින්, එම පුදබිම් නව සමාජයක පහන් කණු කර ගැන්ම යි. වඩා පැහැදිලිව කියතොත් අපේ අරමුණ, බෞද්ධ ප‍්‍රජාව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව තම ජීවිත හැඩ ගස්වා ගන්නා තත්ත්වයකට ගෙනඒම යි.
අප වැඩ කරන අයුරු
සියලු තීරණ ගනු ලබන්නේ 30 දෙනෙකුගෙන් සමන්විත භාරකාර මණ්ඩලය විසිනි. ඒ සියලුදෙනා විවිධ වෘත්තීන් හි හසළ බුද්ධිමතුන් වෙති. පරිපාලන, සැලසුම්, විගණන, ඉංජිනේරු, වෛද්‍ය, අධ්‍යාපන, සමාගම් අධ්‍යක්ෂ, ගණකාධිකාරි, නීති සහ සන්නිවේදන යන ක්ෂේත‍්‍රයන්හි සේවයේ නියුක්තව සිට, භාරකාර මණ්ඩලයට බැදී සේවය කරති. එම සේවය ස්වේච්ඡාවෙනි. භාරකාර මණ්ඩලය සෑම බ‍්‍රහස්පතින්දාවක ම සවස 4.30 ට පදනම් මූලස්ථානයේ දී රැස් වෙයි. සියලු තීරණයනට එළඹෙන්නේ පොදු එකගතාවයෙනි.
Dharmavijaya-Patrons-si
ධර්මවිජය පදනම : භාරකාර මණ්ඩලය - 2565 (2022) | |
ගරු අනුශාසක ස්වාමීන් වහන්සසේලා | |
![]() |
ත‍්‍රිපිටකාචාර්ය ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ - මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය |
අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන් වහන්සේගේ සහ මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ අතිපූජ්‍ය අම්පිටියේ ශ‍්‍රී රාහුල නායක ස්වාමීන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වූ රාජකීය පණ්ඩිත ශාස්ත‍්‍රපති ත‍්‍රිපිටකාචාර්යය සද්ධර්මකීර්ති ශ‍්‍රී විද්‍යා තිලක ත‍්‍රිපිටක ශාස්ත‍්‍ර විශාරද ශ‍්‍රී ධර්මරක්ෂිතවංශාලංකාර පූජ්‍යපාද හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ 2003 අගෝස්තු 14 දින සිට ධර්මවිජය පදනමේ ප‍්‍රධාන අනුශාසක ධූරය දරන සේක. | |
![]() |
ශාස්ත‍්‍රපති පූජ්‍ය සිරි වජිරාරාමයේ ඤාණසීහ ස්වාමීන් වහන්සේ |
සිවිල් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුව සිටිමින් ධර්මවිජය පදනමේ ආරම්භක සාමාජික මෙන් ම වසර 31 ක් එහි සභාපති ධූරය දැරූ දේශබන්දු ඕල්කට් ගුණසේකර මහත්මා පසුව පැවිදි දිවියට ඇතුළත් වූ සේක. | |
ගරු සභාපති | |
![]() |
සුමේධ අමරසිංහ මහතා |
වරලත් ගණකාධිකාරි, සභාපති - කොළඹ තරුණ බෞද්ධ සංගමය සහ නාවල තරුණ බෞද්ධ සමිතිය, භාණ්ඩාගාරික - මහවැලි සංස්කෘතික පදනම, සාම විනිසුරු | |
ගරු උප සභාපතිවරු | |
![]() |
දේශාභිමානි කීර්ති ශ‍්‍රී දේශමාන්‍ය ජේ.පී. කන්නන්ගර මහතා |
අධිකාරි ඉංජිනේරු (යාන්ත‍්‍රික) - සෞඛ්‍ය හා වෛද්‍ය දෙපාර්තමේන්තුව ඩුබායි(වි), යාන්ත‍්‍රික ඉංජිනේරු - ජාතික කිරි මණ්ඩලය (වි) | |
![]() |
වෛද්‍ය නලින් ගුණසිංහ මහතා |
විශේෂඥ අක්ෂි වෛද්‍ය | |
![]() |
ජී. එස්. අරුණශාන්ත ද සිල්වා මහතා |
ජනාධිපති නීතිඥ, අමාත්‍යාංශ අතිරේක ලේකම් (ශ‍්‍රී ලං. ප. සේ.) | |
ගරු ලේකම් | |
![]() |
එච්. බි. ප්‍රේමරත්න මහතා |
විගණන අධිකාරි - රාජ්‍ය විගණකාධිපති දෙපාර්තමේන්තුව (වි) | |
ගරු නියෝජ්‍ය ලේකම් | |
![]() |
එම්.ඩී. ඩබ්.ආරියවංශ මහතා |
ධර්මවිජය පදනම හිටපු සභාපති, ජනාධිපති අතිරේක ලේකම් (වි), රාජ්‍ය සේවා කොමිසමේ හිටපු සාමාජික (ශ‍්‍රී. ලං. ක‍්‍ර. ස. සේ. 1) | |
ගරු භාණ්ඩාගාරික | |
![]() |
එන්. බී. ජී. නානායක්කාර මහතා |
වරලත් ගණකාධිකාරි | |
ගරු නියෝජ්‍ය භාණ්ඩාගාරික | |
![]() |
කරු හීනටිගල මහතා |
ධර්මවිජය පදනම හිටපු නියෝජ්‍ය භාණ්ඩාගාරික, විධායක බැංකු නිලධාරි (වි) | |
ගරු අභ්‍යන්තර විගණක | |
![]() |
කාන්ති පෙරේරා මහත්මිය |
පෙර පාසල් ගුරුතුමිය | |
භාරකාර සභික / සභිකාවන් | |
![]() |
ජී. ඩී. සිරිල් ගුණපාල මහතා |
හිටපු සභාපති, ධර්මවිජය පදනම, අමාත්‍යංශ ලේකම් (වි), සංස්ථා සභාපති (වි), ජනාධිපති උපදේශක (වි), තානාපති නිලධාරී(වි) (ශ‍්‍රී. ලං. ක‍්‍ර. ස. සේ. 1) | |
![]() |
විශේෂඥ වෛද්‍ය යසා සිරිවර්ධන මහත්මිය |
සෞඛ්‍ය අධ්‍යාපන හා ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ, වෛද්‍ය අධ්‍යක්ෂිකා - මෙඩි කෝල්ස් පුද්ගලික සමාගම | |
![]() |
පුෂ්පා කරුණාරත්න මහත්මිය |
ගණකාධිකාරිනි (වි) - මියුසියස් විද්‍යාලය, කොළඹ 07 | |
ආචාර්ය ප්‍රේමරත්න ඉලංපෙරුම මහතා | |
හිටපු අධ්‍යක්ෂ ජනරාල් - කාර්මික අධ්‍යාපන දෙපාර්තමේන්තුව උපදේශක ඉංජිනේරු (වි), කමිටු සාමාජික - ජාතික රෝහල, ත්‍රෛභාෂා සාමවිනිසුරු, ශාස්ත‍්‍ර බන්දු. | |
![]() |
බර්නාඞ් කුලතිලක මහතා |
සිවිල් ඉංජිනේරු (වි), හිටපු සභාපති - ආලෝකය පදනම | |
![]() |
නීඩ‍්‍රා මනෝහාරි අමරසිංහ මහත්මිය |
පිහිනුම් උපදේශිකා | |
![]() |
සරත් අමරකෝන් මහතා |
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පිරිස් හා කළමනාකරණය, ප‍්‍රධාන කළමනාකරණ නිලධාරි, කර්තෘ මණ්ඩල - සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම. ප‍්‍රධාන විධායක නිලධාරි - සීමාසහිත ලක්බිම නිව්ස් පේපර්ස් ආයතනය. විධායක අධ්‍යක්ෂ - මිඩියා සේල්ස් දැන්වීම් ආයතනය. | |
![]() |
යසපාල නානායක්කාර මහතා |
අමාත්‍යාංශ ලේකම් (වි), කළමනාකරණ උපදේශක | |
![]() |
සරත් ධර්මවර්ධන මහතා |
සහකාර සාමාන්‍යාධිකාරි - ලංකා බැංකුව (වි) | |
![]() |
මහාචාර්ය බී. ඩබ්. ඊ. වික‍්‍රමනායක මහතා |
මහාචාර්ය - ආසියානු තාක්ෂණික ආයතනය තායිලන්තය (වි) | |
![]() |
ලක්ෂ්මන් මහානාම මහතා |
සභාපති - සාමය හා දයාව සංවිධානය | |
![]() |
ජී. ඒ. සි. චිත‍්‍රාංගනි මෙනවිය |
යාන්ත‍්‍රික ඉංජිනේරු - කොළඹ මහා නගර සභාව, ජල සම්පාදන හා ජලාපවහන අංශය | |
![]() |
චමිපක ජයන්ත ලද්දුහෙට්ටි මහතා |
නීතිඥ | |
![]() |
ආචාර්ය කේ. ඩබ්ලියු. නුවන් විමලාන මහතා |
ව්‍යාපාර උපදේශක, විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්‍ය, සමාගම් අධ්‍යක්ෂ. | |
![]() |
චන්දිකා විලාසිනි ඇතුගල මහත්මිය |
අමාත්‍යාංශ අතිරේක ලේකම් (ශ‍්‍රී ලං. ප. සේ.) | |
![]() |
ඉසුරු එස්. තිලකවර්ධන මහතා |
ප්‍රධාන මානව සම්පත් නිලධාරි / නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - කොමර්ෂල් බැංකුව. |
යාවජීව සාමාජික:
එස්. ඩි. ලියනගේ මහතා | කළමනාකාර අධ්‍යක්ෂක-සීමාසහිත යුනයිටඞ් මෝටර්ස් සමාගම (වි), කළමනාකාර අධ්‍යක්ෂක – ලංකා ට‍්‍රැක්ටර්ස් සමාගම (වි). |
---|---|
කරුණා ද සිල්වා මහත්මිය | සමාගම් අධ්‍යක්ෂිකා (වි) |
අයි. පී. ගුණවර්ධන මහතා | සමාගම් අධ්‍යක්ෂක(වි). |
මේජර් ජනරාල් ජාලිය නම්මුනි මහතා | මේජර් ජනරාල්, ශ‍්‍රී ලංකා යුද හමුදාව (වි). |
රංජිත් සොයිසා මහතා | සමාගම් අධ්‍යක්ෂක (වි), සාමාජික – ස්පර් සංවිධානය, ඕස්ට්‍රේරලියාව. |
සේනක සමරසිංහ මහතා | ක‍්‍රියාකාරි අධ්‍යක්ෂක – ශ‍්‍රී ලංකා පරිසරවේදී වෘත්තිකයන්ගේ සංගමය. |
දිනිල් ප්‍රේරමරත්න මහතා | ධර්මවිජය පදනමේ හිටපු ලේකම්, සමාගම් අධ්‍යක්ෂක. |